ඇමෙරිකාවේ 47 වැනි ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

දිවුරුම් දීමේ උත්සවයේදී පළමුව, උප ජනාධිපතිවරයා වශයෙන් ජේ. ඩී. වෑන්ස් දිවුරුම් දුන් අතර ඒ අනුව ඔහු ඉතිහාසයට එක්වන්නේ එරට 50 වැනි උප ජනාධිපතිවරයා ලෙසයි.
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ.
දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු මේ වනවිටත් වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේදී පැවැත් වෙයි.
අමෙරිකානු සම්ප්‍රදාය අනුව පදවිප්‍රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුවත් පවතින අධික ශිත කාලගුණය සලකා මෙවර එය ගෘහස්ථ ස්ථානයක පැවැත්වීම විශේෂත්වයකි.
ට්‍රම්ප් දෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව වෙනුවෙන් අමෙරිකානු හිටපු ජනාධිපතිවරුන්, විදෙස් රාජ්‍ය නායකයින් මෙන්ම ඊලෝන් මස්ක් ඇතුළු දැවැන්තයින් ද ආරාධනා ලැබ සිටී.