ආපදා හේතුවෙන් පවුල් හා ජනතාව පීඩාවට

ආපදා හේතුවෙන් පවුල් 5,821ක පුද්ගලයින් 19,032 ක් පීඩාවට

දිස්ත්‍රික්ක 18කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ අද (21) පස්වරුවේ පැවති මාධ්‍යහමුවකදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා මේ බව පැවසීය.

එමෙන්ම ඔහු පැවසුවේ පවුල් 5,821ක පුද්ගලයින් 19,032 ක් පීඩාවට පත්ව ඇති බවය.

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 02ක් බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇති බවද ඔහු පැවසීය.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ට වන්දි ලබාදීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 30ක් බවද ⁣ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් මියයන පුද්ගලයෙකු වෙනුවෙන් ලබාදෙන වන්දි මුදලද ඉහළ නංවා තිබේ.

ඒ අනුව රුපියල් 250,000 ක් ව පැවති එම මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *