තරුණියක් පැහැරගත් සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙ

තරුණයන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

අවුරුදු 18ක තරුණියක් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු එළැඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තරුණිය එම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එයට තරුණියගේ නිවැසියන් විරෝධය පෑම හේතුවෙන් කෝපයට පත් මෙම තරුණයා තරුණිය සිටි නිවසට ගොස් ඇයගේ මිත්තනිය සහ මවට ගිනි අවියක් තබා අදාළ තරුණිය පැහැර ගැනීම සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධව දැරණියගල පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී සිද්ධියට සම්බන්ධ තරුණයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමග ඔවුන් භාවිත කළ බව කියන ගිනිඅවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පැහැරගත් තරුණිය අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීම සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *