මීතොටමුල්ල අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කරයි

මීතොටමුල්ල අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කරයි

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද අසල අනවසර නිවාස 24ක පදිංචිකරුවන් අධිකරණ නියෝගයක් අනුව ඉවත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අද (21) කටයුතු කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ, මෙම පිරිසට කොළොන්නාව ප්‍රදේශයෙන්ම මහල් නිවාස ලබාදී තිබුණද අදාළ ස්ථානයෙන් ඉවත් නොවූ පිරිසක් සම්බන්ධයෙන් නඩුව ගොනුකර අධිකරණ නියෝගය ලබාගත් බවය.

නාගරික සංවර්ධන අධිකාරිය අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවක තීන්දුව අනුව එම පිරිස ඉවත් කරන ලෙස නියෝග කර තිබේ.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *