19න් පහළ බාලිකා T20 ලෝක කුසලානයේ කොදෙව්වන්ට එරෙහි සටනින් ශ්‍රී ලංකාවට ලකුණු 81 විශිෂ්ට ජයක්…

19න් පහළ බාලිකා T20

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර‍ 20යි 20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ දෙවැනි තරගයෙන් ලකුණු 81ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

මලයාසියාවේ ක්වාලා ලම්පූර්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5 දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166කි.

සංජනා කාවින්දි ලකුණු 38ක් රැස් කළා ය.

නායක මනුදි නානායක්කාර ලකුණු 37යි.

ලකුණු 167 ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 85ක් පමණයි.

චමුදි ප්‍රබෝධා කඩුලු 3ක් දවා ගත්තාය.

අසේනි තලගුණේ සහ ලිමන්සා තිලකරත්න අතර කඩුලු 2 බැගින් බෙදී ගොස් තිබේ.

තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි MTV මාධ්‍ය ජාලයට අයත් TV1 නාලිකාවෙන් සහ www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *