වයස අවුරුදු 19න් පහළ T20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද

වයස අවුරුදු 19න් පහළ T20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර‍ 20යි 20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙයි.

අද දිනයේ පළමු තරගයට එක්වන්නේ බටහිර ඉන්දීය කොදෙව් සහ සත්කාරක මලයාසියා කණ්ඩායම් ය.

ක්වාලාලම්පූර්හිදි පැවැත්වෙන එම තරගය මෙරට වෙලාවෙන් අද උදෑසන 8ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද පැවැත්වෙයි.

ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.

කණ්ඩායම් දෙකම මෙම තරගයට එක්වන්නේ පෙර පැවති තරග දෙකම ජය ගනිමින් අපරාජිත කණ්ඩායම් ලෙසයි.

මලයාසියාවේ ක්වාලා ලම්පුර්හිදි පැවැත්වෙන අද තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් දහවල් 12.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි MTV මාධ්‍ය ජාලයේ TV1 නාලිකාව ඔස්සේ සහ www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි. 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *